
ලිබියාවේ ජාත්‍යන්තරව පිළිගත් ජාතික එකඟතා රජයට (GNA) එරෙහිව සටන් කරන කලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාවේ ගුවන් හමුදාව, ළඟ එන සිර්ටේ නගරය සඳහා වන සටනට සූදානම් බව එම හමුදාව ප්‍රකාශ කළා.
සිර්ටේ නගරය සඳහා දෙපාර්ශවයේ හමුදා කලක පටන් සූදානම් වනවා. මේ අතර GNA වෙත සහය දෙන තුර්කි හමුදාද ඊට සම්බන්ධ වේ යයි සැක කෙරෙනවා. සිර්ටේ යනු හිටපු ලිබියානු නායක ගඩාෆිගේ උපන්ගම යි.2019 අප්‍රේල් මාසයේ සිට හෆ්තාර් ට්‍රිපොලි අගනුවර වෙත දැවැන්ත හමුදා ප්‍රහාරයක් දියත් කළා.
එමගින් නගරය අල්ලාගන්නට නොහැකි වුවද GNA වෙත සැලකිය යුතු හානියක් සිදුවුණා.ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලක පටන් හෆ්තාර්ට සහය ලබා දෙනවා. එමෙන්ම මීට දින කිහිපයකට පෙර ලිබියාව වෙත සිය හමුදා එවීමට ඊජිප්තු පාර්ලිමේන්තුවේ අවසරය එරට ජනාධිපතිවරයා වෙත ලැබුණා.
