
ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ බෙන්ජමින් මකාපා, ඩාර් එස් සලාම් නගරයේ රෝහලකදී මියගිය බව එරටින් වාර්තා වනවා.වත්මන් ජනාධිපති ජෝන් මගුෆුලි කෙටි රූපවාහිනී කතාවකින් මේ බව සනාය්හ කරමින් සිය ශෝකය පළ කළා.
මියයන විට 81 වන වියෙහි පසුවූ මකාපා 1995 සිට 2005 දක්වා ටැන්සානියාව පාලනය කළා. ඔහු බහු පක්ෂ ක්‍රමය එරටට හඳුන්වා දුන් අතර රටේ ආර්ථිකය ලිබරල්කරණය කළා. එමෙන්ම ගමනාගමන පහසුකම් දියුණි කිරීමටද ඔහු වෙහෙසුණා.කලාපයේ අර්බුද සහ ගැටුම් නිරාකරණය උදෙසා ඔහු සැලකිය යුතු උත්සාහයක් දැරුවා. ඒ අතර රුවන්ඩාවේ අර්බුදය, කෙන්යාවේ දේශපාලන බල අරගලය, කොංගෝවේ යුද්ධ ආදිය වනවා.දුගී පවුලක උපන් අයකු වූ මකාපා උගන්ඩාවේදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබාගත්තා.
කලක් මාධ්‍යවේදියකු වූ ඔහු පසුව ටැන්සානියාවේ පළමු ජනාධිපති ජුලියස් නියරේරේගේ මාධ්‍ය ලේකම් බවට පත් වුණා. පසුව විවිධ ඇමති ධුර දැරූ ඔහු 1995 දී ටැන්සානියාවේ පළමු බහු පක්ෂ ජනාධිපතිවරණය ජයගත්තා.
