
චන්ද්‍රයා පිළිබඳ පර්යේෂණ කටයුතු උදෙසා චීනය සමග එක්ව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි රුසියානු අභ්‍යාවකාශ ආයතනය වන රස්කොස්මෝස් හි ප්‍රධානී දිමිත්‍රි රගෝසින් පවසනවා.
ඔහු මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ චන්ද්‍ර ගවේෂණ කටයුතුවලදී ඇමරිකාව හා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නොවන බවයි. ඇමරිකන් පර්යේෂණ ව්‍යාපෘති බොහෝකොටම දේශපාලනික ප්‍රචාරණ ස්වභාවයක් ගන්නා බව ද රගෝසින් පවසනවා.එහෙත් චීන අභ්‍යාවකාශ වැඩපිළිවෙලෙහි නියැලෙන්නන් පිළිබඳ තමන්ට විශාල ගෞරවයක් ඇතැයි රගෝසින් කියා සිටියා.
