
ක්‍රීඩා පනතේ 32(ඇ) වගන්ති ප්‍රකාරව සිදු කළ විශේෂ පරීක්ෂණයකින් පසු ගරු ක්‍රීඩා අමාත්‍යතුමා හට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරන ලදි.
පරීක්ෂණ වාර්තාවට අනුව,2016/2017 වර්ෂවල ගිණුම් ප්‍රකාශන විගණනය නොකිරීම, මව් සංගමයෙන් පාලනය වන පළාත් හෝ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් පිහිටුවා නොතිබීම, ප්‍රාදේශීය වශයෙන් හෝ ජාතික වශයෙන් ක්‍රීඩා තරග නොපැවැත්වීම, වාර්ෂික මහ සභා රැස්වීම්/නිළවරණ නොපැවැත්වීම මෙන්ම එම සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දී ඇති ලිපිනය ද සත්‍ය නොවීම යන කරුණු පාදක කොට ගෙන ක්‍රීඩා අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරන ලදි.
”ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනය”ශ්‍රී ලංකාවේ 58 වන ජාතික ක්‍රීඩා සංගමය ලෙස 2016 මාර්තු 11 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ලියාපදිංචි කර තිබුණි.
