
අබුඩාබි පන්දු වාර 10 තරඟාවලියේදී තරඟ පාවාදීමකට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන නුවන් සොයිසා,අවිශ්ක ගුණවර්ධන,දිල්හාර ලොකුහෙට්ට්ගේ සහ ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතුව සිටි සනත් ජයසුන්දර ක්‍රිකට් තහනම් කරමින් සහ රැකියා අහිමි කරමින් ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට කරුණු දැක්වීමෙන් ඉනික්බිති ක්‍රීඩා අමාත්‍යංශයට කළ කරුණු දැක්වීමට අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගැනීමට නියමිතය.
මෙම චෝදනාව වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ නීති උපදේශක ලෙස කටයුතු කරන ක්‍රිශ්මාල් වර්ණසූරිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,අබුඩාබි හි සිටි “අල්මාත්” නම් නැමැත්තෙක් ශ්‍රී ලංකාවට මිලියන ගණනක මුදලක් ලබා දුන් බවට සාක්ෂි තමන් සතුව ඇති බවය.
අයිසීසී අනුමැතියක් නැති තරඟාවලියකට මේ ක්‍රීඩකයන් යොමු කර තිබෙන බව පැවසූ නීතිඥ ක්‍රිශ්මාල් වර්ණසූරිය පෙන්වා දෙන්නේ,ඒ වෙනුවෙන් අල්මාත් ලංකාවට ලබා දුන් මුදල් මේ ක්‍රීඩකයන්ට ලැබි නැතිනම් එම මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්නයි.විදේශ අධිකරණයකට ලංකාවේ ක්‍රීඩකයන් රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව පැවසූ නීතිඥවරයා ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යංශයට කරුණු දැක්වීමට අවශ්‍යය පරිසරය සකස් කර දීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාටද මේ කරුණු ඉදිරිපත් කළ ද,අයිසීසී සිදුවීමක් නිසා ලංකාව පැත්තෙන් යමක් කර නොහැකිය යන මතයේ සිට ඔහු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවුණු බව පෙන්වා දුන්නේය.
