නිරෝධායන රීති කඩ කළ තවත් පිරිසක් පොලිස් දැලේ…

ඊයේ (07) දිනයේ දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ

එලෙස අත්අඩංගුවට පත් වු පිරිස අතර කාන්තාවන් 9දෙනෙක් වන බවත් අත්අඩංගුවට පත් පිරිස අද(08) දින මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,436 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙන බව සදහන් වේ.

Recommended For You

About the Author: Jayani