මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසකගේ වැඩ වරදී…

කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නීතිවිරෝධීව මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන මුලතිව්, යාපනය සහ මන්නාරම , වාලච්චේනය, වත්තල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

පසුගිය 6 වනදා සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයින් 20 දෙනා අතර පිරිමි පුද්ගලයින් 14 ක්, කාන්තාවන් 4 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් ද සිටින බවත් නාවික හමුදාව පවසයි.

එමෙන්ම මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද මෙම පිරිස අතර සිටින බවට හඳුනා ගත් බව නාවික හුමදාව වැඩිදුරටත් පවසයි.

Recommended For You

About the Author: Jayani