
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තම වෘත්තීය ගැටලු සඳහා බලධාරීන් සමඟ ඊයේ (24) පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්වූ බවත් ඒ නිසා සඳුදා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මේ වන විටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන අතර ඊයේ (24) සංකේත වැඩවර්ජනයක් එම නිලධාරීහු සිදු කළහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ, කිසියම් පාර්ශ්වයකට හෝ පුද්ගල කණ්ඩායමකට අවශ්‍ය ලෙස තීරණ නොගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සත්‍ය ගැටලුව හඳුනාගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය කරගෙන යාම සඳහා නිරෝධායන පනත යටතේ අවශ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙසයි.