
ඉතිහාසයේ පාසල් ක්‍රිකට් තරඟ පැවත්වීමේදී පාසල් කණ්ඩායමකට මේ තරම් තරඟ තිබුණේ නැති බව පවසන කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජික රන්ජන් පරණවිතාන එහෙත් එම තරඟවාරවල දි ලකුණු දහස සහ කඩුලු 100 වැනි ඉලක්ක සඳහා පිවිසෙන පාසල් ක්‍රීඩකයන් දකින්නට ලැබුණු බව පෙන්වා දෙයි.
“අද මේ දේවල් වෙන්නෙ සමහර වෙලාවට එදා වගෙ තරඟ දෙගුණයක් ක්‍රීඩා කරලා” රන්ජන් වර්ථමාන තත්ත්වය පැහැදිළි කරමින් පෙන්වා දෙන්නේය.
“එදා ක්‍රීඩකයන්ට තමන් ගැන හදාරන්න කාලයක් තිබුණා.තරඟයකින් තරඟයකට සෑහෙන විවේකයක් ලැබෙනවා.ඒ නිසා හොදට හිතන සැළසුම් සහිත ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න ඒ කාලය ක්‍රීඩකයට උදව් කළා.පුහුණුකරුවෙක්ට වුණත් වෙලාව තිබුණා ක්‍රීඩකයව තරඟයකින් තරඟයකට වෙනස් කරන්න,යළි වැරදි නෙවෙන තැනකට ගේන්න.අද මේ කාර්ය බහුල ක්‍රිකට් නිසා ඒ තත්ත්වය නැති වෙලා”එදා සහ අද පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාගේ භූමිකාව වෙනස් වෙන තැන පැහැදිළි කරමින් රන්ජන් පරණවිතාන පෙන්වා දුන්නේය.
“කුඩා වයස් ඛාණ්ඩ තරඟවලදි සමහර වෙලාවට පුහුණුකරුවාට සංචිතයේ දරුවන් සිටින සෑම දෙමව්පියෙක්ගෙම හිත හොඳින් තියා ගන්න වෙනවා.විශාල පුහුණු තරඟ ගණනකට පිවිසෙනවා..තරඟ වාරයේ තරඟ ප්‍රමානයටත් වැඩියෙන් පුහුණු තරඟ.අපි මේ ගැන පාසල් සංගමය එක්ක කතා කරල තියෙනවා.ඔවුන්ගෙන් මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.පරණ තත්ත්වයට ගිහිං විවේකි මනසින් ක්‍රිකට් එක්ක ක්‍රීඩකයාව රඳවන්න පුළුවන් ක්‍රමයක් හැදුවොත් ඉස්සරටත් වඩා දක්ෂයො බිහි වෙයි”යනුවෙන් පවසන රන්ජන් පරණවිතාන පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමට එය අභියෝගාත්මක තීරණයක් විය හැකි නමුත් අනාගතයේදී ඒ පිළිබඳව බොහෝ ප්‍රශංසාවන් හිමිවන තීරණයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.
