අලුත් රටක් නිර්මා­ණය කරන්න ජනපතිට පම­ණක් බැහැ – දුමින්ද

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මේ රටේ ජනා­ධි­පති කළේ වෙනස් රටක්, අලුත් රටක් බලා­පො­රො­ත්තු­වෙන්. ඒත් ජනා­ධි­ප­ති­ව­ර­යාට පම­ණක් මෙය කළ නොහැ­කියි. යනු­වෙන් හිටපු ඇමැති, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ ජාතික සංවි­ධා­යක දුමින්ද දිසා­නා­යක මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එප්පා­වල, ඉහ­ළ­වැව ප්‍රදේ­ශයේ පැවති ජන හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

වෙනදා අප කතා කරන්නේ අපට ආණ්ඩු­වක් හදලා දෙන්න කියලා. හැබැයි මේ පාර වෙනස්. අප 2/3ක බල­යක් ඉල්ල­නවා. ඒ බල­ය ඉල්ල‍න්නේ අපට ශක්ති­මත් ආණ්ඩු­වක් හදා මේ රට වෙනස් කරන්න. රට අලුත් කරන්න අපට අව­ශ්‍යයි. ඒ අව­ශ්‍ය­තාව ඇති වෙන්නේ අද නෙවෙයි. අප ගෝඨා­භය මහතා මේ රටේ ජනා­ධි­පති කළේ වෙනස් රටක්, අලුත් රටක් බලා­පො­රො­ත්තු­වෙන්. දැන් තිබෙන්නේ 2/3ක බල­යක් එක්ක පාර්ලි­මේ­න්තුව හදා ඉතිරි වැඩ ටික කරන්න ජන­ප­තිට ශක්ති­යක් දෙන වෙලා­වක්. එහෙම නම් මේ වෙලාවේ අප හැමෝම එකතු වෙන්න ඕනැ.

එසේ නම් අගෝස්තු 05 වැනිදා මේ රට ගොඩ­න­ඟන්න ඒ වෙනු­වෙන් අප අනු­රා­ධ­පු­ර­යෙන් අපේ යුතු­කම ඉෂ්ට කරමු. ඒ වෙනු­වෙන් පොහො­ට්ටු­වට කති­රය ගසා නියත වශ­යෙන්ම අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 07 දෙනෙක් පාර්ලි­මේන්තු යවන්න ඔබ­තු­මන්ලා සූදා­නම් වෙන්න. ඒ වෙනු­වෙන් ඔබ­තු­මන්ලා මහන්සි වෙන්න.ඒ වෙනු­වෙන් ඔබ­තු­මන්ලා ඇප කැප වෙන්න ඕනැ. ඒ වෙනු­වෙන් ඔබ­තු­මන්ලා හැමෝම එකා වගේ අත්වැල් බැඳ­ගෙන වැඩ කරන්න.

Recommended For You

About the Author: Editor