ඡන්ද මධ්‍යස්ථානවල කොරෝනා නෑ – මැකෝ

ජන්ද මධ්‍යස්ථාන හරහා කිසිදු අකාරයකට Covid 19 වෛරසය ව්‍යාප්තියක් සිදුනොවන බවට ජනතාවට සහතික විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් විසින් අදාළ කටයුතු සිදුවන බව දේශප්‍රිය මහතා සඳහන් කරයි. 

ජන්ද මධ්‍යස්ථානවල විෂබීජ හරණය කිරීම පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් මෙහෙයවන අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන බවද සභාපතිවරයා කියාසිටියි. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු නිලධාරීන් සමඟ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවති සාකච්ජාවේදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් වාද විවාද මැද එකඟතාවලට පැමිණීමට හැකි වූ බවද දේශප්‍රිය මහතා සඳහන් කරයි. 

විශේෂයෙන් නිලධාරීන් යෙදවීමේදී ඇතැම් ප්‍රදේශවල නිලධාරීන් අවශ්‍ය පරිදි සිටියද ඇතැම් ප්‍රදේශවල එසේ නොමැති බව ඔහු පෙන්වා දෙයි. 

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජන්ද විමසීමේදී කිසිදු ආකාරයකට ජන්ද මධ්‍යස්ථාන හරහා කිසිවෙකුට හෝ Covid 19 වෛරසය ව්‍යාප්ත නොවීමට අදාළ පියවර ගෙන තිබෙන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

Recommended For You

About the Author: Editor