පකිස්තානු ක්‍රීඩකයෝ ගෙවුණු දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පදක්කම් සටහන වෙනස් කරයි

මීටර් 110 කඩුලු ඉසව්වෙන් ජයගත් පකිස්තාන ක්‍රීඩක මුහම්මද් නයීම් සහ මීටර් 400 කඩුලු ඉසව්වෙන් ජයගත් මෙහෙබුබ් අලි යන දෙදෙනාටම තහනම් උත්තේජන සම්බන්ධයෙන් වන බී පරීක්ෂණයද අසමත් වීම නිසා දිනූ රන් පදක්කම් අහිමි වන අතර එම පදක්කම් දෙකම ඉන්දියාවට හිමි වේ.ඒ අනුව මලල ක්‍රීඩා අංශයෙන් වැඩිම රන් පදක්කම් ප්‍රමානයක් දිනා ගත් රට හැටියට ඉදිරයෙන් සිටින ශ්‍රී ලංකාවේ පදක්කම් 15 ආසන්නයටම පැමිණ සිය රන් පදක්කම් ප්‍රමානය 14 දක්වා ඉහළට ගෙන එන්නට ඉන්දියාවට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ පදක්කම් සටහනේ ද වෙනස්ක සිදුවන අතර මීටර් 110 කඩුලු ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභි රොෂාන් ධම්මික රණතුංගට ඒ අනුව රිදී පදක්කම හිමි වනු ඇත.එම වෙනස් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ රිදී පදක්කම් ප්‍රමානය 13 ක් දක්වා ඉහළ යයි.ශ්‍රී ලංකාව බා සිටි ලෝකඩ පදක්කම් ප්‍රමානයේ කිසිඳු වෙනසක් සිදු නොවන්නේ මීටර් 400 කඩුලු ඉසව්වේ සිව්වන තැන සිටි අසංක ඉන්ද්‍රජිත් ට එම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා හිමිකම හිමි වන බැවිනි.

මේ අතර මීටර් 100 ඉසව්වේ තෙවන ස්ථානය දිනූ සමී උල්ලාහ් ට ද සිය ලෝකඩ පදක්කම අහිමි වුව ද එයින් පකිස්තානය දිනූ ලෝකඩ පදක්කම් ප්‍රමානය වෙනස් නොවන්නේ එම ඉසව්වේ සිව්වන ස්ථානය ද හිමි වී ඇත්තේ පකිස්තානයේම උසෙයිර් රෙහෙමාන්ට බැවිනි.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor