ශ්‍රී ලංකාව සංචාරයට සුදුසුයි – බ්‍රිතාන්‍ය කියයි

බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබාදෙමින් පනවා තිබු සංචාරක සිමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුළ වත්මන් කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ පුර්ව නිරීක්ෂණයකින් අනතුරුවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වසා දමා ඇති බවත් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බවයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය පුරවැසියන්ට වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කළ රටවල් සඳහා බ්‍රිතාන්‍ය මිට පෙර සිය පුරවැසියන්ට සංචාරය කිරීමට හැකි බව නිවේදනය කරමින් මිට සති දෙකකට ඉහතදී හරිත ලැයිස්තුවක් නිකුත් කරනු ලැබුවා.

Recommended For You

About the Author: Editor