සුබ අනාගතයක් නැති ළමා අනාගතය !

මේ යන විදිහට දරුවන්ගේ අනාගතය ඉතාම තීරණාත්මකයි.රටේ වැඩිහිටියන්ගේ ගොදුරු බවට ළමා පරපුරම පත්වෙලා.එක පැත්තකින් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවෝ ඉන්නේ මානසික පීඩනයක.තරඟකාරී අධ්‍යාපන ක්‍රමය නිසා ඇතිවෙලා තියෙන දෙමාපිය අරගලයේ පීඩනය දරුවන්ට දාලා.

ඒ නිසා දරුවෝ ජයග්‍රහණය කියන මායාවේ පැටලිලා හිරවෙලා ඉන්නේ. අනෙක් පැත්තෙන් දරුවෝ වෙළඳ භාණ්ඩයක් වෙලා.එක එක නාළිකා ජනප්‍රිය කරගන්න,ෆේස් බුක් පේජස් ප්‍රොමෝට් කරගන්න,යූ ටියුබ් උඩට ගන්න වගේ මුල්‍යමය පරමාර්තයෙන් සිදුකරන වැඩ වළට කිසිම හිරිකිතයක් නැතිව විකුණනනවා.ඔය නාළිකා වලින් ජනප්‍රිය වෙලා වේදිකා ගානේ මුදලට විකුණන දරුවෝ බහුතරයක් වැඩිහිටියන්ගේ බයිට් බවට පත්වෙලා.ඒ වීඩියෝ වල තියෙන කොමන්ට් දැක්කම පේනවා.ඒවගේම ඇතැම් නාළිකා පවා දරුවෝ ජනප්‍රිය කරන්න යොදාගන්නේ නෙගෙට්ව් මාර්කටින්.

ඒ නිසා වැඩිහිටියන්ගේ වාචික අපහරණයට දරුවෝ නිරන්තර ලක්වෙනවා. මේ සියල්ලෙහි අවසානය තමයි,දරුවන්ගේ අනාරක්ෂිත බව.මේ සියලු අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නේ වැඩිහිටි සමාජයේ ඉන්න සුළුතර තක්කඩි පිරිසක්.අඩුම දාහකට පහක්වත් ඉන්නවා එවැනි මානසික ලෙඩ්ඩු.ලිංගික අපයෝජන,ප්‍රචන්ඩත්වය,ඝාතන ඇතුළු සියල්ල මෙන්න මේ සුළුතර සමාජය හරහා බරපතල ලෙස සිද්ද වෙනවා.පුදුමය කියන්නේ ඇතැම් අවස්ථාවල,ඇතැම් අපරාධකාරයන්ගෙන් පුන පුනා එය සිද්ධ වෙනවා. ගෙදරින් පටන් ගත්තම,පුජනීය තැන් දක්වාම මේ අපයෝජන දවසට සිය ගණනක් සිද්ධ වෙනවා.හැබැයි නීතියේ සරණට එන්නේ බරපතල සිද්ධීන් හෝ සමාජය විසින් කථිකාවතට ගත්ත සිද්ධීන් විතරයි.බොහොමයක් ළමා අපයෝජන,ප්‍රචන්ඩත්ව වැඩිහිටි සමාජය විසින්ම වළදානවා. එහෙම කරන්න ප්‍රදානම හේතුව තමයි එක ලැජ්ජාව,දෙක නීතිය සම්බන්ධයෙන් වු විස්වාසය නැතිකම,තුන බය.එක සහ තුන කාරනා වෙන්නෙම නීතිය සම්බන්ධයෙන් වන විස්වාසය නැතිකම නිසා. ඒකට හොඳම උදාහරණය තමයි “සිඟිති පාතාලය” ගැන පැමිණිලි කළාම ළමා ආරක්ෂක අධිකාරියට ඔවුන්ට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙලා ඒ දරුවන්ව අත් අඩංගුවට ගන්නවා.මිනී මරපු මිනිහෙක් වගේ මන්නත් පෙන්නනවා,පොලීසියෙන් කුදලන් යන හැටිත් පෙන්නනවා.

හැබැයි ඕන කරන මේ වැඩේ මෙහෙයපු පුද්ගලයව අත් අඩංගුවට ගත්තම පෙන්නන්න එක මාධ්‍යයක් නෑ.ඇයි?ජනප්‍රිය අර දරුවා.ඒ නිසා විකුණගෙන කන්න පුළුවන් දරුවව අල්ලන් උන් විකුණන් කනවා.හැබැයි අර දරුවා වෙනුවෙන් ළමා ආරක්ෂාවක් නෑ.අඩුම ඒක දෙන්න ඕන ළමා ආරක්ෂක අධිකාරිය අත පිහිදාගෙන. සමහර සිද්ධීන් වල චෝදනා එල්ල වුණ මිනිස්සු වෙනුවෙන් මයික් අල්ලනවා.ප්‍රෙස් තියනවා,හැමදේම කරනවා.උන්ව සමාජය ඉස්සරහා සබන් ගගා හෝදනවා.ඒ වෙනුවෙන් සාදාරණය හොයන මිනිස්සුන්ට තර්ජනය කරනවා.ප්‍රසිද්ධ මාධ්‍යවල. එතකොට අසාධාරණයක් වෙච්චි මිනිහෙක් එයිද යුක්තියක් හොයන්.චෝදනා තියන උන් රඟනකොට,බලය පෙන්නනකොට දුප්පත් අසරණ මිනිහෙක් එයිද සාදාරණයක් හොයන්.නෑ කිසිම වෙලාවක නෑ. ඒ නිසා මම හිතන්නෙම දරුවන්ට ඉදිරි අනාගතය ඉතාම තීරණාත්මකයි.හැකි ඉක්මනින් දරුවන් වෙනුවෙන් සිදුවන අසාදාරණ වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රමය විදිමත් නොවුනොත් ඊට සම්බන්ධ අපරාධකාරයෝ උසාවි ඉස්සරහා බල්ටි ගහයි.ඒ තරම් මේ සමාජය කැරකෙමින් යන්නේ ඒ පැත්තට.

ඒ නිසා දැන්වත් මේ දරුවෝ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ඉක්මන් වියයුතු වගේම ඊට සම්බන්ධ ආයතන විශේෂයෙන් ළමා ආරක්ෂ්ක අධිකාරිය සක්‍රීය වියයුතුයි.අධිකාරිය තියෙන්නේ ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් දෙන්න නෙමෙයි කියලා ඒ අයට දන්වන්න ඕන.දියාරු වුණු අධිකාරියකින් ළමයින්ට සෙතක් නෙවෙයි අබ සරණයි.ඒ වගේම මගේ අදහස දරුවන් සම්බන්ධයෙන් සිදුවන නඩු විභාග කල්මරන්නේ නැතිව ඉක්මන් කළ යුතුයි.උපරිම මාස හයක් ඇතුළත අසා නිම කරන්න ඕන.

ඒ වගේම ඒ සම්බන්ධයෙන් දෙන දඬුවම් බරපතල වෙන්න ඕනමයි.එහෙම නොවුනොත් ඉස්සරහට දරුවෝ බල්ලෝ ඇදන් යන තැනට වැටෙනවා.මේ යන්නේ ඒකට. පාලකයෝ බාල් නටද්දී උන්ට හුරේ දාන මිනිසුනි.උඹලට දෙයක් නැත්තන් දරුවන්ටවත් දෙයක් කරලා මැරියල්ලා..නැත්තන් තොපේ පව්කාරකමට විඳින්න බැරි වේදනා විඳගෙන අකාලයේ පරවෙන්නේ,පර කරන්නේ මේ අහිංසක මල් කැකුළු

ගයාන් ගාල්ලගේ

Recommended For You

About the Author: Editor