ගෝලීය කොවිඩ් ආසාදිතයන් වාර්තාගත වැඩිවීමක් -WHO

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ වාර්තාගත දෛනික වැඩිවීමක් දක්වා ඇති අතර, එය ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වූ පැය 24 තුළ ආසාදිතයන් 284,196ක ඉහළ යාමකි.

එහිදී විශාලතම දෛනික ආසාදිත වැඩිවීම් වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙනි.

එසේම මෙදින වෛරසය ආශ්‍රිත මරණ 9,753කින් ඉහළ ගොස් ඇති අතර, එය අපේ‍්‍රල් 30දා වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වූ 9,797ට පමණක් දෙවැනි වෙයි.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෛනික වැඩිම ආසාදිතයන් වාර්තා කර තිබුණේ ජූලි 18දාය. එම සංඛ්‍යාව 259,848ක් විය.

Recommended For You

About the Author: Editor