චැඩ් දේශසීමාවට ලිබියානු හමුදා

චැඩ් රාජ්‍යය සමග වන දේශසීමාව වෙත සිය හමුදා යැවීමට ලිබියානු ජාතික හමුදාව තීරණය කර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග කියා සිටිනවා.

චැඩ් හි මෑතකදී මතුව ඇති අවිගැටුම් හේතුවෙන් ලිබියාවට බලපෑමක් වේ යයි වන සැකය මත මෙම පියවර ගෙන තිබෙනවා.

චැඩ් හි 31 වසරක් ජනාධිපති ලෙස කටයුතු කළ ඉද්‍රිස් දේබි කැරලිකරුවන්ට එරෙහිව හමුදා මෙහෙයවීමට යුධ පෙරමුණට ගිය අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරයකින් මියගියේ අප්‍රේල් 20 වනදා යි.

මේ වනවිට චැඩ් හි අගනුවර න්ජාමෙනා හි තත්ත්වය සන්සුන් බවයි වාර්තා වන්නේ.

Pic – Encyclopedia Britannica

Recommended For You

About the Author: Chamara