
මින් ඉදිරියට පැවත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් – එංගලන්ත ටෙස්ට් තරඟාවලි ජයග්‍රාහකයන්ට පිරිනැමෙන සූරතාවය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සහ ශ්‍රීමත් ඉයන් බොතම් වෙනුවෙන් නම් කිරීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් එකඟ වී ඇත.
ටෙස්ට් ක්‍රිකට් ජීවිතය තුළ දෙරටක් නියෝජනය කළ ද ඔවුන් දෙදෙනා හොඳම මිතුරන් විය.වරෙක බොතම්ට වර්ණබේදවාදී ප්‍රතිපත්ති නිසා ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තහනම් කර තිබූ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන්නට බොතම්ට ලැබෙන විශාල මුදල් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඔහු පවසන්නේ “මං කොහොමද විවිගේ මුහුණ බලන්නේ” යනුවෙන්ය.
හොඳම මිතුරන් ලෙස අද දක්වාම පවතින ඔවුන් දෙදෙනාගේ මිතුදම වෙනුවෙන් නම් කළ මේ කුසලානය සම්බන්ධයෙන් අදහස් දක්වන රිචඩ්ස් ප්‍රකාශ කර ඇත්තේ,ඔහුට මෙන්ම ඔහුගේ හොඳම මිතුරා වන ඉයන් බොතම් වෙනුවෙන් කරන ලද විශාල ගෞරවයක් ලෙස ය.
කුසලානයේ එක පැත්තක තමාගේ නමත් අනෙක් පැත්තේ තමාගේ හොඳම මිතුරාගේ නමත් තිබීම ගැන තමන් ආඩම්බර වෙන බව බොතම් පවසා ඇත.
ඉදිරි ටෙස්ට් තරඟාවලියේ සිට කොදෙව් – එංගලන්ත තරඟාවලියට එම කුසලානය පිරිනමද්දී,මේ දක්වා පිරිනැමුණු විස්ඩන් කුසලානයට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ එම්සීසී ක්‍රිඩාංගන කෞතුකාගාරයේ විහේෂ තැනක් හිමිවනු ඇති අතර එය ක්‍රිකට් බයිබලය ලෙස සැළකෙන විස්ඩන් ඇල්මැන්ක්ගේ විස්ඩන් සඟරාවට වසර 100 ක් පිරිනැමීම නිමිති කරගෙන 1963 දී විස්ඩන් කුසලානය පිරිනැමීම ඇරඹිණ.
