
කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමෙන් පසු සංචාරය කිරීමට සුදුසු බවට රුසියානු රජය විසින් අනුමත කරන ලද රටවල් නවය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇත.
මෙරට රුසියානු තානාපති යූරි මැටේරි පසුගියදා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ සහ රජය ගෙන ඇති ප්‍රයත්නයන් ඇගයීමෙන් පසුව රුසියානු රජය මෙම තීරණය ගෙන ඇති බව තානාපතිවරයා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව වසංගතය සාර්ථකව පාලනය කර තිබීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සංචාරකයන් 300කට වැඩි පිරිසකට තවදුරටත් බියකින් තොරව මෙරට රැඳී සිටින ලෙසද රුසියානු රජය උපදෙස් දී තිබේ.
අවශ්‍ය සෞඛ්‍ය හා ආරක්ෂිත සේවා ප්‍රොටෝකෝලයන්ට අනුකූලව සැප්තැම්බර් මාසයේදී සියලුම අන්තර්ජාතික මගීන් සඳහා බණ්ඩාරනායක ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර නියමිත මගී ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.