නිරෝධායන උපදෙස් කඩ කළ තවත් පිරිසක් පොලිස් දැලේ…

ඊයේ (24) දිනය තුළ මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු දී අත්අඩංතුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශ වලින් මෙම පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මුහුණු ආවරණ නොපැළඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Recommended For You

About the Author: Jayani