තැපැල් ඡන්ද සලකුණු කරන්න අදත් අවස්ථාව

මේ දක්වා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ ද, සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිවේ. 

ඒ අනුව තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී අද උදෑසන 08.30 සිට පස්වරු 02.00 දක්වා ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ති‍්‍රක්කයේ, දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය භාවිත කළ  හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor