මුඛවාඩම් ගැන පබාගේ ලිපියට ආයුර්වේද වෛද්‍ය සංගමයේ විරෝධය

රෝගීන් සමග සෘජු ලෙස සම්බන්ධ නොවන ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩල සඳහා මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංගට ලිඛිතව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන විසින් ආයුර්වේද කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර ඇති මෙම ලිපියට සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කර ඇත.

විශේෂඥ වෛද්‍ය පබා පලිහඩවන වෙත තම සංගමය විසින් ලිඛිතව විරෝධය දැක්වීම කළ බව එම සංගමය පැවැසීය.

පබා පලිහවඩනගේ ලිපියේ දැක්වෙන්නේ පරිපාලන නිලධාරීන් සහ තේ කාමර පිරිසිදු කරන්නන් මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවන අතර ඔවුන් නිවැරදි සමාජ දුරස්ථභාවය සහ දෑත් පිරිසිදු කිරීමේ උපදෙස් පිළිපැදීම ප්‍රමාණවත් බවය. එහෙත් රෝගීන් වර්ගීකරණය සිදුකරන ස්ථානය, හදිසි ප්‍රතිකාර අංශය සහ වාට්ටු කාර්ය මණ්ඩල මුව ආවරණ පැලඳීම අවශ්‍ය බවත් එලෙස භාවිත කරන මුඛ ආවරණ ශල්‍ය මුඛ ආවරණ විය යුතු බවත් ඇය කිවාය.

Recommended For You

About the Author: Editor