ස්පාඤ්ඤ ඇමතිවරියකට​ පිහියක් සහ තර්ජනාත්මක ලිපියක්

ස්පාඤ්ඤයේ කර්මාන්ත, වෙළෙඳ සහ සංචාරක කර්මාන්ත කටයුතු ඇමති රෙයෙස් මරෝටෝ වෙත තර්ජනාත්මක ලිපියක් සහ රතු පැහැති පැල්ලම් සහිත පිහියක් අඩංගු පාර්සලයක් එවනු ලැබ තිබෙනවා.

මෙම පැල්ලම් රුධිරය ද අන් යමක්දැයි මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

මෙම පිහිය සංයුක්ත තැටි (CD) දෙකක් මැද තබා එවන ලද හෙයින් එය ආරක්ෂකයින්ට හමුවී නැහැ.

සිද්ධියට සම්බන්ධ බවට සැකපිට මානසික තත්ත්වය අස්ථාවර වූ අයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ස්පාඤ්ඤ දේශපාලකයන් වෙත පසුගිය දිනවල පැමිණි තර්ජන හා මේ අතර සම්බන්ධයක් නොමැති බවයි විශ්වාස කෙරෙන්නේ.

Recommended For You

About the Author: Chamara