ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ තතු…

ඊයේ දිනය තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 997 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 173ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 92 දෙනෙකු වාර්තා වී ඇත.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් සෙසු ආසාදිතයින් පිරිස වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,376 ක් වන අතර ඉන් 94,577 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7152ක් වන අතර ඒ අනුව, අද (27) උදෑසන වනවිට ‍මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 647 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Recommended For You

About the Author: Jayani