අයිස් මත්ද්‍රව්‍ය සිදුවීමට සම්බන්ධ සුරාබදු පරීක්ෂක අත්අඩංගුවට

අයිස් නමැති මත් කුඩු තොගයක් සුරාබදු නියාමකවරයකුට ලබාදී අනතුරුව පොලීසිය දැක පළා ගිය බවට සැකකරන පුත්තලම සුරාබදු කාර්යාලයේ  සුරාබදු පරීක්ෂකවරයා ඊයේ (24 දා) රාත්‍රී ඔහු ගමන් ගත් මෝටර් රථයද සමග පුත්තලම නගරයේදී අත් අඩංගුවට ගත් බව  පුත්තලම පොලීසිය කියයි.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසෙන මෙම සැකකරු පුත්තලම සුරා බදු කාර්යාලයේ සේවයට පැමිණ ඇත්තේ ඉකුත් ජනවාරියේ මාසයේදී බවට පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අයිස් නැමති මත් කුඩු ග්‍රෑම් 125 ක් සමග සුරාබදු නියාමකවරයෙකු ඇතුළු පිරිසක් ඉකුත් 23 දින අලුයම පුත්තලම කොට්ඨාස පොලිස් දූෂණ මර්දන ඒකකය  මගින් අත් අඩංගුවට ගත් අවස්ථාවේදී අදාළ සුරාබදු පරීක්ෂකවරයාද මීට සම්බන්ධ බවට අනාවරණයවීම හේතුවෙන් ඔහුවද අත් අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ආරම්භකර තිබුණි.

ඒ අනුව .පුත්තලම පොලිස් අධිකාරී ජෙ.පි.එස් ජයමහ මහතාගේ උපදෙස් මත පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පි. කුමාරදාස මහතා ගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

Recommended For You

About the Author: Editor