
මීටර් 3000 බාධක දීවීම ඉසව්වේ හිටපු ලෝක වාර්තාලාභියෙක් මෙන්ම 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ එම ඉසව්වේ රිදී පදක්කම්ලාභියා වූ ද බෙන් ජිප්කෝ සිය දිවි සැරිය නිමා කර ඇත.මිය යන විට 77 වන වියේ පසූ වූ ජිප්කෝ,1974 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 5000 සහ මීටර් 3000 බාධක දිවීම ඉසව්වලින් කෙන්යාවට රන් පදක්කම් දෙකක් දිනා දීමෙන් නොනැවතී මීටර් 1500 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනා දුන්නේය.
බෙන් ජිප්කෝ 1972 දී ඔලිම්පික් රිදී පදක්කම කර ලා ගන්න විට ඔහුගේ වම් පසින් මදක් ඉහළින් වූ පූවරුවේ රන් පදක්කම කර ලා ගත්තේද කෙන්යානුවෙක් වන අතර කිප්චෝජ් කිනෝ වන ඔහු වර්ථමානයේ එරට ජාතික ඔලිමිපික් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
දින අටක් ඇතුළත මීටර් 3000 ලෝක වාර්තාව දෙවරක් අලුත් කර ඇති ජිප්කෝ 1973 ජූනි 19 දා හෙල්සින්කි නුවරදී විනාඩි 8:19.8 ට පිහිටුවන ලද වාර්තාව එහිදීම ජූනි 27 වන දින විනාඩි 8:14.0 දක්වා ඉහළට ඔසවා තබන්නේය.
කෙන්යානු රජයේ නිල ෆේස්බුක් පිටුවේ ජනාධිපති උහුරු කෙන්යාටා ජිප්කෝගේ නික්ම යෑම ගැන සටහනක් තබමින් “මලල ක්‍රීඩාවෙන් උසස් රටක් ලෙස ජාත්‍යන්තරය තුළ කෙන්යාව තහවුරු කිරීමට දායක වූ පුරෝගාමී ක්‍රීඩකයෙකු” ලෙස ජිප්කොට ප්‍රශංසා කරයි.
