
චීන රජය විසින් ක්‍රීඩා ඉසව් සංවිධානය සම්බන්ධයෙන් ගනු ලැබු පොදු තිරණයකට අනුව එරට සංවිධානය වීමට තිබූ ආසියාවේ එකම ඒටීපී මාස්ටර්ස් තරඟාවලිය, චීන විවෘත තරඟාවලිය, චෙංඩු විවෘත තරඟාවලිය හා ෂැංහායි තරඟාවලි අවලංගු කළ බව වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමය නිවේදනය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තීය ටෙනිස් ක්‍රීඩක සංගමයේ සභාපති ඇන්ඩ්‍රියා ගෝඩෙන්සි පවසන්නේ “මෙම වසංගතය පුරාවටම අප ක්‍රියා කරන්නේ ඒ රටවල දේශීය මග පෙන්වීම මත බවයි. ඔහු එහිදී තව දුරටත් පෙන්වා දෙන්නේ පෙර නොවූ විරූ ගෝලීය තත්වයට ප්‍රතිචාර වශයෙන් රට වෙනුවෙන් හොඳම දේ කිරීමට චීන රජය ගත් තීරණයට අපි ගරු කළ යුතු බවයි.
චින ටෙනිස් රසිකයන් පිළිබඳව ඉහළින් අගය කරන ඇනඩ්‍රියා ගෝඩෙන්සි ඔවුන් ලෝකයේ වඩාත්ම උද්යෝගිමත් රසික පිරිස ලෙස හඳුන්වයි.ඒ නිසා සියළුම ක්‍රීඩකයන් ඔවුන් ඉදිරිපිට ක්‍රීඩා කිරීමට ඊළඟ අවස්ථාව බලාපොරොත්තුවෙන් සිටින තමා විශ්වාස කරන බව ද ගෝඩෙන්සිගේ අදහසයි.
