
නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අනතුරේ වැටෙන්නට ඉඩ ඇතැයි නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
ස්වයං නිරෝධායනය වන පවුල් පිළිබඳ සියලු තොරතුරු දන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත්, ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය හේතුවෙන් මෙම පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම පවා ප්‍රශ්නකාරී වනු ඇතිබවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවසීය.
එම පවුල්වල ඡන්ද භාවිතයට අවශ්‍ය පහසුකම් සැලසීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය නොමැතිව එම කටයුතු සිදු කළ නොහැකි බවද ගජනායක මහතා කීය.
ස්වයං නිරෝධායනය වන ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු කරුණු ගැන සලකා බැලීම සඳහා මේ වන විට කමිටුවක් පත්කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද, එම කමිටුව නියෝජනය කරන බව ගජනායක මහතා සඳහන් කළේය.
එම කමිටුවට මැතිවරුන් නිරීක්ෂණ සංවිධාන වෙනුවෙන් තමන් සහභාගි වූ බැවින් මේ තත්ත්වය වඩාත් පැහැදිලි වූ බවද ගජනායක මහතා සඳහන් කළේය.
මීට අදාල සියලු අංශ මැදිහත් වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්කර යළි රාජකාරි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය