
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණය ජයග්‍රහණය කළහොත් නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍ය තනතුරු තුනක් හිස්ව තැබෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඊට හේතුව ඉදිරියේදී රජයට සහාය දීමට යම් යම් දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් වුවහොත් එම කණ්ඩායම් සඳහාද අමාත්‍ය ධුර පිරිනැමීමට සිදුවන නිසාය.
කෙසේ වෙතත් පත් කෙරෙන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුවම පත්කෙරෙන අතර විශේෂය වන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය කාර්යය පැවරීමයි. එසේම එකම විෂයකට අදාළ එහෙත් දැනට අමාත්‍යංශ ගණනාවක විසිර ගොස් ඇති කැබිනට් විෂයන් සංයුක්ත කොට නව අමාත්‍යංශ ගණනාවක් නිර්මාණය කෙරේ.
ප්‍රාදේශීය සංවර්ධන, කෘෂි අංශය දියුණු කිරීම, ජල සම්පාදනය, අපනයන කෘෂිකර්මය දියුණු කිරීම වැනි කටයුතු සඳහා ඉදිරි රජයේ ප්‍රමුඛතාව ලබාදීම පිණිස ජනාධිපතිවරයා දැනටමත් සැලසුමක් සකස්කර ඇතැයිද සඳහන් වෙයි.
දේශය පුවත්පත