චීන අඟහරු රෝවරයට නම් තැබීමේ තරගයක්

චීනය විසින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද රෝවරයට නම් තැබීමේ තරගයක් ඊයේ දියත් කෙරුණා.චීනය නොබෝදා සිය පළමු අඟහරු යානය වන ටියන්වෙන්-1 දියත් කළා.

ඒ සමග යවන ලද රෝවරයට නමක් තබා නැහැ.මෙම නම් තැබීමේ තරගය අදියර හතරකින් පවත්වනු ලබනවා. පළමු අදියරේදී මහජනතාවගෙන් නම් යෝජනා බාර ගැනෙනවා. ඉන්පසු ඉන් හොඳම දහයක් තෝරාගැනෙනවා.

තුන්වන අදියරේදී ජනතාවගේ කැමැත්ත විමසා ඉන් තුනක් තෝරාගන්නා අතර අවසන් අදියරේදී එයින් එකක් රෝවරයේ නම ලෙස තෝරාගැනීමට නියමිතයි.චීන ජාතික අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කළේ අගෝස්තු 12 වනදා තෙක් යෝජිත නම් බාරගන්නා බවයි. එය බයිදු මොබයිල් ඇප් එක හරහා හෝ ලිඛිතව හෝ ඉදිරිපත් කළ හැකියි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor