
ඊශ්‍රායල හමුදා හෙලිකොප්ටර් සිරියාවේ දකුණුදිග ප්‍රදේශයන් හි සිරියානු හමුදා ඉලක්ක කිහිපයක් වෙත පහර දී තිබෙනවා.ගෝලාන් කඳුකරය දෙසට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බව ඊශ්‍රායල සන්නද්ධ හමුදා කියා සිටියා.
සිරියානු ආරක්ෂක අමාත්‍යංශය මෙම පුවත සනාථ කළා. එමෙන්ම සිරියානු හමුදා සාමාජිකයන් දෙදෙනකුට තුවාල සිදුව ඇතැයි ද සිරියානු රජයේ පුවත් සේවය වන සිරියානු අරාබි පුවත් සේවය වාර්තා කළා.ගෝලාන් කඳුකරය උපක්‍රමිකව ඉතා වැදගත් ප්‍රදේශයක් වනවා. මෙය 1967 සය දින යුද්ධයේදී ඊශ්‍රායලය විසින් අල්ලාගැනුණා.
