චීනයට යුධමය තොරතුරු දෙන්නන් ඇමරිකාවේ නගර ගණනාවක – FBI

චීනය වෙත හමුදාමය වැදගත්කමකින් යුතු තොරතුරු සපයන පර්යේෂකයන් ඇමරිකානු නගර ගණනාවක වේ යයි එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසනවා.

ඇමරිකාව තුළ විවිධ පර්යේෂණ කටයුතුවල නියැලෙන චීන පුරවැසියන් ගණනාවක්, චීනයේ මහජන විප්ලවවාදී හමුදාව වෙත ඇති තමන්ගේ සම්බන්ධය සැඟවීමට ක්‍රියා කර ඇති බවයි ඔවුන් පවසන්නේ.මෙසේ තොරතුරු සැඟවූ සිව් දෙනකුට එරෙහිව වීසා නීති උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා ගොනු කෙරුණ බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

මෙයින් එක් අයකු සැන් ෆ්‍රැන්සිස්කෝ හි චීන කොන්සල් කාර්යාලයේ රැකවරණය පතා ගොස් සිටි නමුත් පසුව ඇයව අත් අඩංගුවට ගත් බව ඇමරිකාව කියා සිටියා. මෙම චෝදනා මතු වන්නේ ඇමරිකාව චීනයට එරෙහි සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු පුළුල් කරන පසුබිමකයි.චීනය කෙරෙහි තම රජය දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවා ඇතැයි පෙන්වා දෙන රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ, චීන බලපෑමට එරෙහිව සියළු දෙනා එක්ව සටන් කළ යුතු යයි පවසනවා.

ඇමරිකාව මෑතකදී හියුස්ටන් නගරයේ චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට නියෝග කළ අතර චීන නිලධාරීන් හා ආයතන සමහරකට එරෙහිව සම්බාධක පැනවීමට ද ක්‍රියා කරගෙන යනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor