උණ හැදී රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙකු මියයයි

රෝහල්ගතව සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

උණ තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු මෙලෙස මියගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

සොරකමක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදුකිරීමට නියමිතය.

Recommended For You

About the Author: Editor