රාජිත දේශපාලන කොමිසම හමුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනිද්දා (27) දිනයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජිත සේනාරත්න මහතා එහි පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා තමන් අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් තමන් දේශපාලන පළිගැනීමකට ලක්වූ බව පවසමින් වික්ටර් සමරවීර මහතා විසින් අදාළ පැමිණිල්ල සිදුකර තිබේ.

මේ අතර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය මඟින් පැමිණිලි 152ක මූලික විමර්ශන අවසන් කර තිබේ.

ඉන් පැමිණිලි 42ක් විභාග කිරීම් කටයුතු සඳහා දින නියම කිරීමට නියමිත අතර මහ මැතිවරණයෙන් අනතුරුව අදාළ දින නියම කිරීමට කටයුතු කරන බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

පැමිණිලි 21ක විමර්ශන කටයුතු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව මඟින් මේ වන විට සිදුකරයි.

Recommended For You

About the Author: Editor