ඇමරිකන් බලධාරීහු හියුස්ටන් චීන කොන්සල් කාර්යාලයට ඇතුල් වෙති

චීන තානාපති නිලධාරීන් හියුස්ටන් නගරයේ කොන්සල් කාර් යාලය වසා දමා පැයක් ඇතුලත ඇම‍රිකන් නිලධාරීන් ඊට ඇතුල් වී තිබෙනවා.

හියුස්ටන් ක්‍රොනිකල් පුවත්පත ප්‍රකාශ කළ පරිදි ස්ථාන තුනකින් ඊට ඇතුල් වන්නට උත්සාහ කළ නිළධාරීන් අවසානයේ පිටිපස දොරකින් ඇතුල් වීමට සමත් වුණා.ඇමරිකානු රජය විසින් පසුගියදා හියුස්ටන් හි චීන කොන්සල් කාර්යාලය වසා දමන්නට නියම කළා.

ඒ අනුව නගරයේ වෙලාවෙන් සිකුරාදා සවස 4 වෙද්දී චීන නිලධාරීන් එය වසා දමා පිටව ගියා.මේ අතර චීනය ද චෙංග්ඩු හි ඇමරිකන් කොන්සල් කාර්යාලය වසා දමන්නට ඊයේ නියෝග කළා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor