
තෙලුගු සිනමාවේ තවත් අත්නොහැරිය යුතු සිනමා පටයක් ගැන තමා මේ කියන්න හදන්නේ. බොහෝ දෙනෙක් දැනටමත් World Famous Lover ( ලෝකප්‍රසිද්ද ආදරවන්තයා ) නරඹලා ඇති.මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kranthi Madhav සහ නිෂ්පාදනයෙන් දායක වෙනවා K. A. Vallabha සහ K. S. Rama Rao දෙදෙනා.
ප්‍රධාන නළුවා වන Vijay Deverakonda සහ ප්‍රධාන නිලියන් වශයෙන් Aishwarya Rajesh, සහ Raashi Khanna මේ සුන්දර ආදර කතාවට විශාල ආලෝකයක් සපයනවා. මෙම චිත්‍රපටයේ විශෙයක් තිබෙනවා එහි මුලිකව ආදර කතා දෙකක් පෙන්වනවා. ස්රීනු සහ ස්වර්ණාගේ ආදර කතාව සහ ගෞතම් සහ යාමිණී ගේ ආදර කතාව වශයෙන්. නමුත් ශ්රීනු සහ ස්වර්ණාගේ ආදර කතාව අපිට පෙන්වන්නේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ගෞතම් නමැති ලේඛකයාගේ සිතෙහි මැවෙන කතාවක් ලෙස.
මෙහි Vijay Deverakonda එක කතාවක ශ්‍රීනු ලෙසත් අනෙක් කතාවේ ගෞතම් ලෙසත් විශිෂ්ට රංගනයක යෙදෙනවා. Aishwarya Rajesh ස්වර්ණා ලෙසත් Raashi Khanna යාමිණී ලෙසත් තමන්ගේ කාර්ය හොඳින්ම ඉටු කරලා තිබෙනවා. බොහෝ තෙලුගු සිනමා පටවල වගේම මේකත් මුල සිටම සංගීතයෙන් රසවත් උන දෑස් තිරයෙන් ඉවතට නොගෙන මුල සිට අගටම නරඹන්න හැකි අත්නොහැරිය යුතු සලරුවක්.
(ඔබට මෙහි අනර්ග කොපියක් Telegram ඇප් එක හරහා බාගත කරගන්න පුළුවන්)
