ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම්වරයෙකුගේ නිවසකට හොරු පනී

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම්වරයෙකුගේ බොරැල්ල, කාසල් පාරේ පිහිටි නිවස බිඳ මුදල් සොරගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ දහවල් 1.00 ට පමණ පුද්ගලයෙකු නිවසට ඇතුළු වී එහි තිබූ අමෙරිකානු ඩොලර් 2000 ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ඇති බවයි.

සැකකරු මත්ද්‍රව්‍යට අබ්බැහි වූවෙකු බවට සැකකරන බව පොලීසිය පැවසුවේ ය.

නිවසේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Recommended For You

About the Author: Editor