
රුවන්වැල්ල – රත්තාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනි අවි අලූත්වැඩියා කරන ස්ථානයක් වටලා ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ ඔවුන් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී බෝර 12 සහ ගල්කටස් ඇතුළු ගිනි අවි 8ක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක්, ඩෙටනේටර් සහ වෙඩි බෙහෙත් තොගයක් මෙන්ම උණ්ඩ තොගයක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
එම වැටලීමේදී අත් මාංචු යුගලක් ද සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් 50 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත මෙම ස්ථානයෙන් ගිනි අවි ලබාදී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.