පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙන බව සඳහන් කරයි.
එමෙන්ම 2021 මැයි 15 හා 16 යන දිනයන් හි පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත නව නිලධාරීන් පුහුණුව සඳහා වු කැඳවීම තාවකාලිකව අවලංගු කර තිබෙන අතර ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු යන තනතුරු සඳහා අයදුම්කරුවන් 1,010 දෙනෙක් වෙත කැඳවීම් ලිපි යවා තිබේ.
ඒ අනුව මැයි 15 හා 16 යන දිනවල ඔවුන් කළුතර, නිකවැරටිය, බොරලන්ද හා මහියංගනය යන පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත පුහුණු බඳවා ගැනීමට නියමිතව තිබුණ ද රට තුළ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බඳවා ගැනීම් නැවත දැනුම්දෙන තුරු අවලංගු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.