යුධ හමුදා සෙබලෙකු කළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

යුධ හමුදා සෙබලෙකු කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අලවංගුවකින් කළ පහරදීමකින් මෙලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ආරවුලකදී මෙම පහරදීම සිදු කර ඇති බවත් පහරදීමෙන් ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන්  යුධ හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Recommended For You

About the Author: Editor