ඡන්දය දීමේදී සංක්‍රාන්ති ප්‍රජාව ගැටළුවක

පුරවැසි අයිතියක් වන ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව සංක්‍රාන්තික පිරිසට අහිමි කර තිබෙන බව  සංක්‍රාන්ති ප්‍රජාවගේ අයිතීන් සම්බන්ධයෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ස්වරූපයෙන් වෙනස් වීමේ ගැටළුවට ඔවුන් මුහුණ දෙන බවත්,හැඳුණුම්පත රජයෙන් ලබා දී ඇති ප්‍රතිපාදන මත සකසා ගැනීම ප්‍රමාද වීම නිසාත් ඔවුන්ට අවහිරතාවලට මුහුණ දෙන්නට සිදුවන බව ඔව්හූ පෙන්වා දෙති.එසේම හැඳුණුම්පතට අනුව ඡන්දය දැමීමට යන පෝලිම තීරණයේදී ද තිබූ තත්ත්වය සහ තිබෙන තත්ත්වය සමඟ ඇති වෙනස ද මීට බලපෑ හැකි කාරණයක් බව ඔව්හූ පෙන්වා දුන්හ.

සංක්‍රාන්ති පුද්ගලයෙක් පරිවර්ථනයට සහ පිළිගැනීමට ලක් වීම සඳහා තව දුරටත් සංශෝධනය විය යුතු වුව ද එක්තරා යහපත් මට්ටමකින් ජීව විද්‍යාත්මකව සනාත කරන ක්‍රියාවලියක් සමාජය තුළ ඇති බව පෙන්වා දෙන එම සමාජ ක්‍රියාකාරීහූ එය මැතිවරණයක් වෙනුවෙන් හදිසියේ සකසා ගත හැකි වැඩ පිළිවෙලක් නොවන බව පැහැදිළි කළහ.සමාජයේ තිබෙන පසුගාමී තත්ත්වයන් තුළ සංක්‍රාන්ති  ප්‍රජාව සමහර විට පවුලෙන් බැහැර කිරීම මෙන්ම භාහිර සමාජයේ බලපෑම් මත පවුලෙන් බැහැර කිරීම යන කාරණා දෙකම සිදු විය හැකි බව පෙන්වා දෙන එම පිරිස සමහර විට ඔවුන් ඇතිවන සමාජීය බලපෑම් සහ තර්ජන හමුවේ පවුලෙන් ඈත්ව ජීවත්විම වැනි කාරණා මත ද ඔවුන් බොහෝ දෙනෙක් නිවසින් බැහැරව ගත කරන බව පෙන්නා දෙයි.

එවැනි පිරිසි තම නිල ඡන්ද පත්‍රිකාව ගැනීමට යාමේදී විවිධ පීඩනයන්ට අසල්වැසියන්ගෙන් මෙන්ම පවුලේ පිරිසගෙන්ද ගොදුරු වූ තත්ත්වයන් තිබෙන බව එම පිරිස අවධාරණය කළේය.එසේම ඇතැම් විට එම සංක්‍රාන්ති සාමාජිකයා පවුලෙන් නෙරපා දමා ඇති අයෙක් සේ සලකා පවුලේ සාමාජිකයන් ඔහුගේ ඡන්දය ලියාපදිංචි කර නොතිබීම නිසාද ඔහුට පුරවැසියෙක් ලෙස සමාජයේ හිමි විය යුතු ඡන්ද අයිතිය අහිමි වී තිබෙන බව ද ඔව්හූ පෙන්වා දුන්හ.

ජීව විද්‍යාත්මකව පිළිගත් පුද්ගලයෙක් සිය වෙනස සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වයට පිවිසිම ආරම්භ කළ යුත්තේ ගමේ ග්‍රාම සේවකවරයාගේ අනුමැතිය මත බව පෙන්වා දෙන එම පිරිස් මෙහිදී ඇතැම් සුළු නිලධාරීන් පිරිසකගේ අතපසුවීමකින් හෝ වගකීමකින් තොර හැසිරීමකින් සංක්‍රාන්ති පුද්ගලයා ගැන තොරතුරු ගම දැන ගැනීමෙන් ඇතිවන ත්ත්වයන් ද ඇතැම් තැන්වලදී වාර්තා වී තිබෙන බව එම පිරිස පැහැදිළි කළහ.

මෙහිදී ජීව විද්‍යාත්මකව සංක්‍රාන්ති ප්‍රජාවගේ වෙනස පිළිගැනීමට ඇති කර තිබෙන යාන්ත්‍රණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ වෙනස සංක්‍රාන්ති  සමාජභාවී ජාලයේ ප්‍රධාන විධායක තේනු රන්කෙත් ප්‍රකාශ කළේ මේ සඳහා අවශ්‍යයතාවය සහ පිළිගැනීම ලබා ගැනීම සම්පූර්ණයෙන් ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් යටතේ සිදුවන බවය.

මාස හයක පමණ කාලයක් ඒ සඳහා වන සුදුසුකම් සළකා බැලීම සිදුවන්නේ මානසික වෛද්‍ය විශේෂඥයන්ගේ උපදේශනය සහ ප්‍රතිකාර මැද්දේ බව පෙන්වා දෙන තේනු,අනතුරුව හෝමෝන චිකිතිසාවේ සිට ශල්‍යකර්ම දක්වා වන සංකීර්ණ ක්‍රියාවලියකට පිවිසෙන බව පැහැදිළි කළේය.ඉන් අනතුරුව ජීආර්සි නම් වන ලේඛණය හරහා ග්‍රාම නිලධාරිවරයාගේ සිට රෙජිස්ට්‍රාර් ජෙනරාල් යටතේ උප්පැන්න සශෝධනය,ජාතික හැඳුණුම්පත සකස් කිරීම දක්වා වන ක්‍රියාවලියකින් සංක්‍රාන්ති පුද්ගලයාගේ වර්ථමානයට බලපාන පරිදි ලේඛණ සකස් වීම සිදු වන බව තේනු අනාවරනය කළේය.

මේ සම්බන්ධයෙන් වන උපදේශනය සහ ක්‍රියාවලිය පැහැදිළි කර ගැනීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගේ වෙනම උපදෙස් සහ ක්‍රයාවලිය සඳහන් චක්‍රලේඛ දෙකක් ඇති බව ද තේනු පෙන්වා දෙන්නේය.සංක්‍රාන්ත්‍ර අදහසක් ඇති අයෙකුට මානසික වෛ්‍යෛ විශේෂඥයන් සම්බන්ධයෙන් පරික්ෂා කර ගැනීමට අවුරුදු 16 සිට අවස්ථාව ඇති බව පැහැදිළි කරන තේනු රන්කෙත් නමුත් සාමාන්‍ය නීතිය යටතේ අවුරුදු 18 – 21 දක්වා වන අයට කුමන හෝ සිය නීතිමය සහ අනන්‍යතා ලියවිලි වෙනසකට දෙමව්පියන්ගේ අවසරය අවශ්‍යය බව පෙන්වා දෙන්නේය.මේ තත්ත්වය සාමාන්‍ය පවුලක දරුවෙක්ට බලනොපාන නමුත් අවුරුදු 16 දී සිය සංක්‍රාන්තික අවශ්‍යයතාවය සඳහා පිවිසෙන තැනත්තෙක්ට හෝ තැනත්තියකට සමාජය පමණක් නොව සිය පවුලද බාධා කිරීම සහ පිළිනොගැනීම යන කාරණා හේතුවෙන් ජීආර්සී ලියවිල්ල හරහා වන ක්‍රියාවලිය සඳහා යොමු වන්නට අවශ්‍යයතාවය ඇහිරෙන බව පෙන්වා දෙන්නේය.

විශේෂයෙන් සමාජය සහ සමාජයේම කොටසක් වන පවුල සංක්‍රාන්ති පුරවැසියන් දෙස හෙලන අසාධාරණ සහ අපරාධි බැල්ම නිසා ඔවුන්ට සමාජයෙන් නෑ හිත මිතුරන්ගෙන් ඉවත් වී කටයුතු කිරීමට සිදු වී තිබීම ඛේදණිය තත්ත්වයක් බව අවධාරණය කරන තේනු,මේ තත්ත්වය නිසා ඔවුන් නාඳුනන ප්‍රදේශවල, සිය ගමෙන් හිතවතුන්ගෙන් දුරස්ව විවිධ දුක් ගැහැට විදිමින් සිය සංක්‍රාන්ති අවශ්‍යයතාවයට අදාළ වෙනස සාක්ෂාත් කර ගැනීමට වේදනාබර ජීවිතයක් ගත කිරීම සමාජයේ ඔවුන්ගේ ජීවිතව ඛේදවාචකය තරමටම සමාජය මානව ගුණ ධර්ම අතින් බිදවැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයද පැහැදිළි කරන බව පෙන්වා දුන්නේය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor