
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු ලබන මස 2 වැනිදා අවසන් වන අතර මේ සතියේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් ප්‍රධාන ජන හමු රැසකට සහභාගි වීමට නියමිතය. මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) සහ හෙට (27) දෙදිනම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන හමු 16කට සහභාගි වනු ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (26) නුවරඑළියේ හා හෙට (27) කුරුණෑගල ජනහමු 12කට සහභාගි වනු ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහ අද හා හෙට දෙදිනම කොළඹ, කැස්බෑව අවිස්සාවේල්ල, කඩුවෙල හා බොරැල්ල යන ප්‍රදේශවල ජනහමුවලට සහභාගි වේ. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (26) හා (27) හෙට දෙදින කොළඹ ජනහමු රැසකට සහභාගි වීමට නියමිතය.