කොවිඩ් නිසා මෙවර ඡන්ද මධ්‍ය­ස්ථාන දෙගු­ණ­යක් වෙයි

පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන සංඛ්‍යාව පෙර වස­ර­ව­ලට සාපේ­ක්ෂව දෙගුණ කර ඇතැ­යිද ඒ අනුව මෙවර මධ්‍ය­ස්ථාන සංඛ්‍යාව 2,820 ක් දක්වා වැඩි­කර ඇතැයි මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල් සමන් රත්නා­යක පැව­සීය. එය පෙර මහ මැති­ව­ර­ණ­යේදී 1420ක් වූ බව පෙන්වා දුන් රත්නා­යක මහතා සෞඛ්‍යා­ර­ක්ෂි­තව කඩි­න­මින් ප්‍රති­ඵල ලබා දීම උදෙසා මෙසේ මධ්‍ය­ස්ථාන සංඛ්‍යාව වැඩි කළ බව පෙන්වා දුන්නේය.

ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන පරිශ්‍ර සංඛ්‍යාව 71 ක් බවත් ඒ පරි­ශ්‍ර­යන්හි සමස්ත ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන (ගණන් කිරීමේ ශාලා) 2820ක් බවත් එක් ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­න­ය­කට ඡන්ද 5000 – 6000ක් ප්‍රමා­ණ­යක් ලැබෙන පරිදි ක්‍රම­වේ­ද­යක් සකස් කර ඇති බවද ඔහු කීවේය.

ඒ යටතේ තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍ය­ස්ථාන 453ක් හා සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ස්ථාන 2367ක් ස්ථාපිත කරන බවද රත්නා­යක මහතා කීය.

මෙවර මහ මැති­ව­ර­ණ­යට ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් 1,62,63,885ක් සිටින අතර ඔවුහු ඡන්ද මධ්‍ය­ස්ථාන 12,774කදී ඡන්දය ලබා දීමට කට­යුතු කරති.

පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­ව­ලින් නාම­යෝ­ජනා 3652ක් හා ස්වාධීන කණ්ඩා­ය­ම්ව­ලින් නාම­යෝ­ජනා 3800ක් මෙවර මැති­ව­ර­ණ­යට ලැබී ඇතැ­යිද ඒ මහතා පෙන්වා දෙයි.

Recommended For You

About the Author: Editor