මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යින් 201ක් සෞඛ්‍ය නීති කඩලා

මහ මැති­ව­ර­ණ­යට සම්බ­න්ධව මැති­ව­රණ නීති හා අනෙ­කුත් නීති උල්ලං­ඝ­ණය කිරීම් 1469ක් පසු­ගිය සිකු­රාදා වන විට වාර්තා වී ඇතැයි පැෆ­රල් සංවි­ධා­නයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි­ආ­රච්චි මහතා සිළු­මි­ණට කීවේය. ඒ අතර බර­ප­තළ ප්‍රචණ්ඩ ක්‍රියා­වන්ට අදාළ සිද්ධීන් 58ක් වාර්තා වී තිබූ බවද හෙට්ටි­ආ­රච්චි මහතා පෙන්වා දුන්නේය.

නීති විරෝධී ප්‍රචා­රණ කට­යුතු සම්බ­න්ධව පැමි­ණිලි 876ක් වාර්තා වී තිබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට අම­ත­රව දේශ­පා­ලන කට­යු­තු­ව­ලදී පහ­ර­දීම් 24ක් පිළි­බඳ පැමි­ණිලි ලැබී ඇති බවද එම සංවි­ධා­නය කියයි. මේ අතර බර­ප­තළ පහර දීම් 9ක්ද එකම පක්ෂයේ ආර­වුල් 6ක්ද විරුද්ධ පක්ෂ අතර ආර­වුල් 9ක්ද වාර්තා වී තිබේ.

එසේම මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින ඡන්ද අපේ­ක්ෂ­ක­යන් අතු­රින් 201 දෙනකු මේ වන විට සෞඛ්‍ය අංශ ලබා දී ඇති මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර ඇතැයි ද එම හෙට්ටි­ආ­රච්චි මහතා පෙන්වා දුන්නේය.

Recommended For You

About the Author: Editor