ගම්මිරිස් ප්‍රතිඅපනයනයෙන් කෝටි එකොළොස් දහසක පාඩුවක්

පසුගිය වසර තුනක කාලයේදී වියට්නාමයෙන් ගම්මිරිස් කිලෝ කෝටි 21ක් ආනයනය කර ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම නිසා ශ්‍රී ලංකා රාජ්‍ය ආදායමට රුපියල් කෝටි එකොළොස් දහස් තුන්සිය හතළිහක අලාභයක් සිදුව ඇත.

ප්‍රබල දේශපාලනඥයකුගේ ඥාතීන් හා වාණිජ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් විසින් මෙම ජාවාරම සිදු කරන අතර ගම්මිරිස් අපනයන බලපත්‍ර 150 කට වැඩියෙන් මේ වන විට නිකුත් කර ඇත.

2016 සිට 2018 වර්ෂය අතර කාලයේදී ගම්මිරිස් කිලෝ කෝටි 21 ක් වියට්නාමයෙන් ආනයනය කර මුහුද මැද දී නැවෙන් නැවට මාරුකර ඉන්දියාව, ජපානය වැනි රටවලට ‘Oරිගිනල් Sරි ළන්ක’ යන ලේබලය යටතේ ප්‍රතිඅපනයනය කෙරෙයි.

ඉන්දු ලංකා ගිවිසුම යටතේ ගම්මිරිස් ටොන් 2500 ක් සියයට 8ක අඩු බද්දක් යටතේ අපනයනය කිරීමේ පහසුකම් ශ්‍රී ලංකා ගම්මිරිස් ගොවීන්ට හිමිව ඇත. එසේ නොමැතිව අපනයනය කරන ගම්මිරිස් සඳහා සියයට 30 ක බදු අය කිරීමක් සිදු කරයි. ඊට මුවාවෙමින් සිදු කරන ජාවාරමෙන් ගම්මිරිස් කිලෝ එකකින් ඩොලර් 3 ක ලාභයක් ලැබෙන අතර මේ වන විට ප්‍රතිඅපනයනය කර ඇති කිලෝ කෝටි 21 න් ඩොලර් කෝටි 63 ක ලාභයක් ජාවාරම්කරුවන් ලබා ඇත.

එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එකොළොස් දහස් තුන්සිය හතළිහකි.

මේ අතර විදේශයෙන් ගම්මිරිස් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කටයුතු කළ අතර, මේ වනවිට ගම්මිරිස් මිල පහත වැටීමට හේතුව සහ ඊට කඩිනම් විසඳුම් සොයන ලෙස අදාළ නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදුන්නේය.

Recommended For You

About the Author: Editor