කොරෝනාවෙන් ගැලවෙන සංඥා හැදුවේ මමයි- මධුර විතානගේ

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සඳහා ජනතාවට උපදෙස් දෙන පොදු සංඥා මාලාව නිර්මාණය කළේ තමන් විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මධුර විතානගේ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීන්ගෙන් මඟපෙන්වීම යටතේ මෙම සංඥා නිර්මාණය කිරීමට දායක වීමට ලැබීම ගැන හදවතින්ම සතුටු වනවා මෙන්ම ආඩම්බරයට පත් වන බව ද ඔහු පැවසීය.

එමෙන්ම මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නීති ගැසට් පත්‍රය සකස් කිරීමට බුද්ධිමය දායකත්වය දීමටද තමන්ට හැකි වූ බවත් ඒ ගැනත් සතුටක් ඇති බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Recommended For You

About the Author: Editor