
සෙවනගල උක් ගොවි සේවක එකමුතුව මගින් ඊයේ විරෝධතාවයක් සිදු කෙරිණ. ඒ එතනෝල් පිටරටින් ගෙන්වීමට විරෝධය පල කරමිනි.
හිටපු අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ඇඹිලිපිටියේ පිහිටි මැතිවරණ කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්විණි.මේ සදහා උක් ගොවීන් මෙන්ම සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින්ද සහභාගී වී සිටින ලදී.
විරෝධතාවය බඅතරතුර එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැමිණි අතර විරෝධතා කරුවන් විසින් අමාත්‍යවැයටාට එ6තනෝල් සම්බන්ධ ගැටලුව වාචිකව සහ ලිඛිතව ඉදිරිපත් කරන ලදී.
අමාත්‍යවරයා කියා සිටියේ එතනෝල් තොග ලංකාවේ තිබෙනතුරු කිසි සේත් එතනෝල් ගෙන ඒමට ඉඩ ලබා නොදෙන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හැකි් ඉක්මනින් දැනුවත් කරන බවද කීය.