කොරෝනා යයි සැක අයකු හමුවේ උතුරු කොරියාවේ නගරයක් ලොක් ඩවුන්

කොරෝනා වෛරසය ආසාදනය වූ ලක්ෂණ පෙන්වන අයකු කේසොංග් නගරයේදී හමුවීමත් සමග නගරය ලොක් ඩවුන් කිරීමට ඊයේ පැවති හදිසි රැස්වීමකින් පසු, උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් ක්‍රියා කර තිබෙනවා.
අදාල සැකකටයුතු රෝගියා ජූලි 19 වනදා නීතිවිරෝධී ලෙස දේශසීමාව තරණය කර දකුණු කොරියාවේ සිට පැමිණි අයකු බවයි උතුරු කොරියාව පවසන්නේ.
එම තැනැත්තා මීට වසර තුනකට ඉහතදී දකුණු කොරියාවට පළාගියායකු ද වන බව උතුරු කොරියාව කියා සිටිනවා.
තවද, මෙම පුද්ගලයා මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇතැයි ද කිම් ජොංග්-උන් ප්‍රකාශ කළා. කෙසේ නමුත් වැඩි ප්‍රවේශම උදෙසා කේසොංග් නගරය ද හුදෙකලා කිරීමට ක්‍රියාකර තිබෙනවා.
උතුරු කොරියාව මීටපෙර සිය රටෙන් කොරෝනාවෛරසය ආසාදිත වූවන් හමුවූ බවක් නිල වශයෙන් පිළිගෙන නැහැ. එහෙත් ඇතැම් අංශ ඒ පිළිබඳ සැක මතු කරනවා. කෙසේ වෙතත්, වසංගතය පැතිරීමට ගත් මුල් දිනවලම, චීනය සමග දේශසීමාව වසා දැමීමට සහ විදේශිකයන් නිරෝධායනය කර පසුව රටින් පිටත් කිරීමටද උතුරු කොරියාව ක්‍රියා කළා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor