
කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම නිසා ආදායම අඩු වීම හේතුවෙන් රුපියල් මිලියන 600ක බැංකු ණයක් ලබා ගැනීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනිය විසින් සභාවේ අනුමැතිය මත මෙම ණය මුදල රාජ්‍ය බැංකුවකින් ලබා ගැනීමට සැලැසුම් කර තිබේ.
කොළඹ මහ නගර සභාවට මාර්තු, අප්‍රේල්, මැයි මාසවල ලැබිය යුතු ආදායම අහිමි වීම නිසා නගර සභාව පවත්වා ගෙන යාමට නොහැකි මූල්‍ය අර්බුදයක් මතුව ඇත. විනෝද බද්ද, මුද්දර බද්ද, කඩකුලී බද්ද, වාහන නැවැතුම් ස්ථාන බද්ද, ඇතුළු ආදායම් ලැබෙන මාර්ග සියල්ල අකර්මණ්‍ය වී තිබුණි. බස්නාහිර පළාත් සභාවෙන් මුද්දර බදු ලෙස අය විය යුතු රුපියල් බිලියන දෙකක මුදලක් මෙතෙක් ලැබී නොමැත. වාහන නැවැතුම් ස්ථානවලින් 2020 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 200ක් බලාපොරොත්තු වුවද කොවිඩ් 19 හේතුවෙන් රුපියල් ලක්ෂ 50ක වාහන නැවැතුම් ස්ථාන බදු අහිමි වී තිබේ.
කොවිඩ් 19 රෝගීන් සොයා කොළඹ මහ නගර සභා සීමාව තුළ පී.සී.ආර්. පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට සිදු වීම, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සකස් කිරීම සඳහා අමතර මුදලක් ද වැය වී තිබේ.
මෙම මුදල් වාර්ෂිකව ඇස්තමේන්තු කර නොතිබූ බව නාගරික කොමසාරිස් නීතිඥ රොෂිනි දිසානායක පැවැසුවාය.