ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගෙන් ප්‍රකාශයක්…

අද(19) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ත්‍රස්තවාදයට අන්තවාදයට හිස එසවීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ඉතා සූක්ෂම අයුරින් සිදු කර යුතු බැවින් මෙවැනි කටයුතු සඳහා කල් ගත වන බවත් මේ වන විටත් චූදිතයන් රැසකට මේ සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවත් පොලිස් විමර්ශනවල ඉදිරි කටයුතු කඩිනමින් සම්පුර්ණකර නීතිපතිවරයා වෙත යොමුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස නවුෆර් මවුලවි නැමැත්තා නම් කිරිමට හඳුනාගැනීමට හේතු කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කොට තිබේ.

Recommended For You

About the Author: Jayani