
ඉරාකයේ සිටින ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ විදේශ හමුදා සන්ධානයේ පාලනය යටතේ තිබුණු බෙස්මයා කඳවුර ඉරාක පාලනයට බාර දී තිබෙනවා.
බෙස්මයා හි පාලනය තිබුණේ ස්පාඤ්ඤ හමුදා අතයි. එයින් ඔවුන් ඉවත් වන්නේ විදෙස් හමුදා සන්ධානය හා ඉරාක රජය අතර ඇතිවූ හමුදා ඉවත් කරගැනීමේ කාලසටහන පිළිබඳ එකඟතාව අනුවයි.
ඉරාකයේ සිටින සියළු විදේශ හමුදා ඉවත් කරගත යුතු බවට ජනවාරි 5 වනදා ඉරාක පාර්ලිමේන්තුව තීරණය කිරීමෙන් පසු මෙම කටයුතු සිදුවනවා. ඉරාක පාර්ලිමේන්තුව මෙම තීරණය ගත්තේ ඇමරිකානු ප්‍රහාරයකින් ඉරානයට පැමිණ සිටි ජෙනරාල් කාසෙම් සුලෙයිමානි බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ භූමියේදී මියගිය පසුවයි.
